දින 3ක විශේෂ නිවාඩුවක්

(කොළඹ, ලංකාපුවත්) – රජය අද (17) සිට දින තුනක විශේෂ නිවාඩුවක් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනූව අඟහරුවාදා සිට බ්‍රහස්පතින්දා දක්වා එය බලපැවැත්වෙනු ඇති. මේ යටතේ සෞඛ්‍ය,ආහාර සැපයුම්,ප්‍රවාහන,අත්‍යවශ්‍ය සේවා,බැංක,දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හැර අනෙකුත් අමාත්‍යාංශ,දෙපාර්තමේන්තු,සංස්ථා ඇතුළු රාජ්‍ය ආයතන සඳහා මෙම විශේෂ දින 3ක නිවාඩුව හිමිවේ. මෙම නිවාඩු දිනය ප්‍රසිද්ධ නිවාඩු ලෙස නොසැලකෙයි.

එසේම පෞද්ගලික අංශයට ද මෙම නිවාඩුව ලබාදෙන මෙන් රජය ඉල්ලා සිටියි. මහජන එක්රැස්වීම් හැකිතාක් අවම කිරීම සඳහා රජය මෙම ක්‍රියාමාර්ග ගෙන තිබේ. කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය පිළිබඳව අවධානය යොමු කරමින් තවදුරටත් මෙම නිවාඩුව දීර්ඝ කිරීම හෝ නොකිරීම පිළිබඳව සළකා බැලීමට නියමිතය
.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *