ආසාදිතයන් 51ක්: වෛරස් පරීක්ෂණ රෝහල් 24ක

(කොළඹ, ලංකාපුවත්) – Covid 19 වෛරස් තත්ත්වයට භාජනය වූ සහ සැක සහිත පුද්ගලයන් වෙනුවෙන් පරීක්ෂණ කටයුතු සඳහා ලංකාව පුරා රෝහල් 24ක් වෙන් කර ඇති බව සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

ඊයේ පස්වරු වන විට රට පුරා රෝහල් වලට වාර්තා වී සොයා ගන්නා ලද covid 19 වෛරස් රෝගයට බිලි වී සිටින රෝගීන්ගේ සංඛ්‍යාව 51 දක්වා ඉහළ ගොස් තිබේ. මොවුන් අතරින් වැඩි පිරිසක් සංචාරකයන්ට මග පෙන්වන්නන් බව පවසන ඇමැති වරියක් මෙවෙනි මගපෙන්වන්නන් කිසිවෙකුටත් සිය නිවෙස් වලින් පිට නොයන ලෙසට නීතී පනවා තිබේ.

මේ අතර ජාතික රෝහල, කොළඹ, මහනුවර, ළමා රෝහල, IDH රාගම පුනුරුත්ථාපන, උතුරු කොළඹ, අනුරාධපුර, මඩකළපුව, රත්නපුර, කුරුණෑගල, කරාපිටිය, යාපනය, බදුල්ල, හම්බන්තොට, මීගමුව, ගම්පහ, හලාවත, පොළොන්නරුව, වවුනියාව, මොනරාගල, කළුතර, මාතර, සහ මාරවිල යන රෝහල් වලට සැක සහිත රෝගීන් පරීක්ෂා කිරීම සඳහා ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි වෙන් කර තිබේ.

මෙම රෝහල් සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ කාර්යමණ්ඩල ඇතුළු සියලු දේ වෙන් කර යොදවා ඇති අතර එම කාර්යා මණ්ඩල වල සෞඛ්‍ය ආරක්ෂාවද සම්පුර්ණයෙන්ම තහවුරු කර ඇති බවද පැවසේ.

Covid 19 රෝගය waladuna අය සඳහා පරීක්ෂණ කටයුතු මේ වන විට රජයේ රෝහල් කීපයකින් සිදු කරනු ලබන අතර පෞද්ගලික අංශයේ රෝහල් වලින් එම පරීක්ෂණ සිදු කරන්නේනම් ඒ සඳහා කොන්දේසි මාලාවක් කොළඹ වෛද්‍ය ආයතන මගින් පනවා තිබේ.

මෙහිදී විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පෙන්වා දුන්නේ එක්තරා එංගලන්ත ජාතිකයෙකු කොළඹ පෞද්ගලික රෝහලකින් covid 19 පරීක්ෂණය සිදු කර අනතුරුව ඔහු නිවසට ගොස් නුවසේදී නිරෝධායන කටයුතු කිරීමට පටන් ගෙන තිබුණු බවයි.

මෙවැනි පුද්ගලයන් සම්බන්දයෙන් රජයේ වෛද්‍ය ආයතන දැනුවත් නොකිරීම බරපතළ වරදක් වේ. මෙවෙනි සිදුවීම් නිසා පෞද්ගලික රෝහල් covid 19 පරීක්ෂණ ඉතාමත් වගකීමෙන් යුතුව සිදු කළ යුතු බවට කොන්දේසි පනවා ඇත. ඒ අනුව, එම පුද්ගලයා covid 19 පරීක්ෂණයට පෞද්ගලික රෝහලට පැමිණි පසු පරීක්ෂණය කිරීමට ප්‍රථම ඔහු සම්බන්ද සියලු විස්තර වසංගත රෝග විද්‍යාආයතනයට වාර්තා කළ යුතු වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *