රාජසන්තක කරන ලද එතනෝල් ලීටර ලක්ෂයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට

(කොළඹ, ලංකාපුවත්) –සුරාබදු දෙපාර්තමේන්තුව විසින් රාජසන්තක කරන ලද එතනෝල් ලීටර ලක්ෂයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදීමට කටයුතු කර ඇත.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමේ අරමුණින් විෂබීජ මර්දන කටයුතු සඳහා මෙම එතනෝල් ලබාදීමට කටයුතු කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *