(කොළඹ, ලංකාපුවත්) –පසුගිය අඟහරුවාදා රාත්‍රියේ රෝමයේ නගර ශාලාව ඉතාලි ධජයේ වර්ණවලින් ආලෝකවත් කිරීමට පියවර ගෙන තිබුණි.
ඒ එරට සහයෝගීතාවය පෙන්වීම සඳහා ය.
පසුගිය පැය 24 තුළ ඉතාලියේ කොරෝනා මරණ සංඛ්‍යාව 2500 ක් ඉක්මවා ඇති අතර වෛරසය ආසාදිත රෝගීන් ගණන 31,000කට අධික බව වාර්තා වේ.
වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා නව ක්‍රියාමාර්ග ගැනීමට ලොව පුරා රටවල් පොරබදමින් සිටින අවස්ථාවක් වුවද දිනෙන් දින කොවිඩ් නයින්ටීන් රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතී.