කටුනායක ගුවන් තොටුපොලෙන් මෙරටට ඇතුලුවීම අලුයම 04 සිට තහනම්

(කොළඹ, ලංකාපුවත්) –අද (19) අලුයම හතරේ සිට කටුනායක ගුවන් තොටුපොලෙන් මෙරටට ඇතුලුවීම සම්පුර්ණයෙන්ම නතර කර තිබේ.

ඊට පෙර අවසන්වරට ගුවන් තොටුපොලට පැමිණියේ ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණි ශ‍්‍රි ලන්කන් ගුවන් සේවයට අයත්ත යූ එල් 198 දරණ ගුවන් යානයයි. එහි මගීන් 77 දෙනෙකු පැමිණ තිබේ. ඉන් වැඩි පිරිස දඹදිව වන්දනාකරුවන් බව ගුවන් තොටුපොල කාර්යභාර නිලධාරිවරයා ප‍්‍රකාශ කළේය.

ගුවන් තොටුපොල හරහා මෙරටට පැමිණීම සම්පුර්ණයෙන්ම නතර කර තිබුණද මෙරටින් පිටවීම ඇතුලු කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *