කොරෝනා නිසා ඉතාලියේ දිනක් තුළ මරණ 475ක්

(කොළඹ, ලංකාපුවත්) –නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ් 19 වෛරසයෙන් එක් දිනක් තුළ ජීවිතක්ෂයට පත් වූ වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාව ඉතාලියෙන් ඊයේ(18) වාර්තා විය.

ඒ අනුව ගෙවී ගිය පැය 24 ක කාලය තුළ ඉතාලියෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාව 475 ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම ගෙවී ගිය පැය 24 ක කාලය තුළ ආසාදිතයින් 3000 ක් වාර්තා වී තිබේ. ඉතාලියෙන් කොවිඩ් 19 වෛසය අසාදනය වූවන්ගේ සංඛ්‍යාව 35713 ක් දක්වා ඉහළ ගොස් තිබේ. 4000 කට අධික පිරිසක් සුව අතට පත්වී ඇති බවද එරට මාධ්‍ය වාර්තා කර ඇත. ලොම්බාඩියා නගරයෙන් ඊයේ දිනයේදී පමණක් මරණ 319 ක් වාර්තාවේ.

මේ වන විට කොරෝනා වෛරසයෙන් ඉතාලියේ පමණක් පුද්ගලයින් 2978 දෙනෙකු මිය ගොස් තිබේ. චීනයට පසු කොරෝනා වෛරසය බලෑම එල්ල වූ රට වන්නේ ඉතාලියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *