(කොළඹ, ලංකාපුවත්) –කොරෝනා මර්දන ක්‍රියාකාරකම් සඳහා රුපියල් මිලියන 500ක් මහාභාණ්ඩාගාරයෙන් ලබා දීමට පියවර ගෙන ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පැවැරී ඇති බලතල අනුව මෙම ප්‍රතිපාදන සලසා ගැනීමට විධිවිධාන සලසා තිබේ.
අද(19) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවූ බවයි.
එමෙන්ම කොරෝනා වෛරසය හේතුවෙන් බලපෑමට ලක්වී ඇති සංචාරක ,නිමි ඇඳුම් විදේශ සේවා නියුක්ති ,තොරතුරු තාක්ෂණ,සුළු පරිමාණ වෙළෙඳ ව්‍යාපාර ක්ෂේත්රවල කටයුතු තිරසාර අයුරින් පවත්වාගෙන යාම සඳහා සහන රැසක් ලබා දීමටද රජය සැලසුම් කර ඇති බවද ඇමැතිවරයා එහිදී පැවැසීය.
මෙම ක්ෂේත්රයන්හි නියුතු වූවන් බැංකු සහ වෙනත් මූද්ය ආයතනයන්ගෙන් ලබා ගෙන ඇති ණය ගෙවීම සඳහා මාස 06 ක සහන කාලයක් ලබා දීම සඳහා සැලසුම් කර තිබේ. ඒ අනුව මාර්තු මස 20 දින සිට ඉදිරියට මාස 06 ක කාලයන් මෙම සහනය හිමිවේ.
විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණ සහ නිමි ඇඳුම් ක්ෂේත්‍ර සඳහා නම්‍යශීලී රාජකාරි සීමාවක් හඳුන්වා දීම අතිකාල දීමනා සහ නිවාඩු දින ගෙවීම් සඳහා සහනයක් සැලසීම මේ තුළින් සිදු වනවා එමෙන්ම 4%පොළී අනුපාතිකයක් යටතේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සලසා දීමද මේ සහනවලට අයත්ය.