නිවාඩුව අනිසි ලෙස භාවිත නොකරන්න – රජයෙන් යළිත් ඉල්ලීමක්

(කොළඹ, ලංකාපුවත්) –කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා ලබා දී ඇති නිවාඩුව අනිසි ලෙස භාවිත නොකරන ලෙස රජය යළිත් ජනතාවගෙන් ඉල්ලා සිටියි. ජනතාව ඒකරාශීවීම් සියල්ල නතර කරන ලෙස රජය දැනුම් දෙනු ලැබේ.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා රජය මේ වන විටත් ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇත.

ඒ අනුව පසුගිය දින කිහිපය නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය පියවර ගත්තේය. එහෙත් බොහෝ ස්ථානවල විනෝද චාරිකා, ක්‍රිකට් තරග මෙන්ම සාද සංවිධාන කිරීම් සම්බන්ධයෙන් වාර්තාවේ. ඒ අනුව බේරුවල නගරය ආසන්නයේ සංවිධාන කර තිබූ ෆේස්බුක් සාදයක් වැටලීමට පොලීසිය පියවර ගෙන ඇත. එහිදී පිරිමි පුද්ගලයන් 16ක් සහ කාන්තාවන් දෙදෙනෙකු බේරුවල පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. අයිස්, කේරළ ගංජා ඇතුළු මත්ද්‍රව්‍යයද එහි තිබී අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කළේය.

මෙවැනි ක්‍රියාවලින් වැළකී රජය මෙන්ම සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් ඒ ආකාරයෙන්ම පිළිපදින ලෙස රජය ඉල්ලා සිටි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *