හැටන්-නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගය වසා දැමේ

(කොළඹ, ලංකාපුවත්) –හැටන්-නල්ලතන්නිය ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම නතර කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.

COVID-19 වෛරසය පැතිරයාම අවම කිරීම සඳහා හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රීපාද වන්දනාවේ වාහනවලින් සහ දුම්රියෙන් පැමිණෙන සංචාරකයින්ට නල්ලතන්නිය වෙත ඇතුළත් නොකිරීමට පොලිසිය අද කටයුතු කර ඇත.

COVID-19 පැතිරයාමේ අවදානම නොතකා දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් පසුගිය දින කිහිපය තුළම හැටන් මාර්ගය ඔස්සේ පැමිණ ඇති අතර නල්ලතන්නිය නගරය වෙත සංචාරකයින් සහ වන්දනාකරුවන් ඇතුළුවන බගවන්තලාව නොවුර්ඩ් හැටන් කොටගල සහ දියගල යන ස්ථාන වල පොලිස් නිලධාරීන් මාර්ග බාධක යොදා ශ්‍රී පාද වන්දනාවේ වාහන වලින් පැමිණෙන දෙස් විදෙස් සංචාරක ආපසු හරවා යැවීමට අද පියවර ගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *