එයාර්ටෙල් ලංකා කාර්ය මණ්ඩලය ලෝක පිළිකා දිනය සමරයි

(කොළඹ, ලංකාපුවත්) – පිළිකාව පිළිබඳව දැනුවත් කිරීමට ගත් උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස 2020 ලෝක පිළිකා දිනය සමරනු වස් එයාර්ටෙල් ලංකා සමාගම එහි කාර්ය මණ්ඩලය සඳහා පිළිකාව පිළිබඳ දැනුවත් කිරීමේ සතියක් ක්‍රියාත්මක කරන ලදී.

ලෝක පිළිකා දින වැඩසටහනට අනුව සෑම වසරකම මිලියන 9.6ක ජනතාවක් පිළිකාව නිසා මිය යති. කෙසේ වෙතත් සාමාන්ය පිළිකාවලින් 1/3ක් පමණ නිවාරණය කර ගත හැකිය.

සරල ජීවන රටාවක් තෝරා ගැනීමෙන් පිළිකා අවදානම අවම කර ගැනීමට උපකාර වන ආකාරය පිළිබඳ අවබෝධයන් මෙම සතියක වැඩසටහන තුළින් සේවකයින්ට ලබා දුන් අතර රෝගය හඳුනාගැනීම හා ඊට ප්රතිකාර කරන්නේ කෙසේද යන්න පිළිබඳ කෙටි විශ්ලේෂණයක් ද ලබා දෙන ලදී. මෙම වැඩසටහනට සමගාමීව එයාර්ටෙල් ලංකා සමාගමේ කාර්ය මණ්ඩලය තරගයක නියැලූනු අතර එහිදී සාමාජිකයන් දෙදෙනෙකු පිළිකා සම්බන්ධ සෞඛ්ය පරීක්ෂාවක් සඳහා අනගි අවස්ථාවක් හිමි කර ගැනීමට සමත් විය.

මෙම පිළිකා දැනුවත් කිරීමේ සතිය අවසන් වූයේ මහරගම අපේක්ෂා රෝහලට අත්යවශ්ය වෛද්ය උපකරණ සඳහා අරමුදලක් පිහිටුවීමත් සමඟ වන අතර පසුව එම අරමුදල රෝහලට පරිත්‍යාග කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *