ටකේඩා හි ඩෙංගු එන්නත පිළිබඳ සිදු කළ තවත් අත්හදා බැලීම් දෙකක ප්‍රතිඵල පළ වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ටකේඩා ෆාමසූටිකල් සමාගමේ පර්යේෂක කණ්ඩායම විසින් තවමත් අත්හදා බලමින් සිටින ඔවුන්ගේ ඩෙංගු එන්නත් පරීක්ෂාව සම්බන්ධ අත්හදා බැලීම් දෙකක ප්‍රතිඵල The Lancet ආයතනයේ අන්තර්ජාල ප්‍රකාශනය හරහා ප්රකාශයට පත් කර ඇති බව නිවේදනය කළේය.

ඒ අනුව ඩෙංගු ක්‍රියාකාරිත්වයට (TIDES) එරෙහි ටෙට්රවාලන්ට් ප්‍රතිශක්තිකරණ ඩෙංගු එන්නත් පරීක්ෂාව(TAK-003) 3 වන අදියරෙහි මාස 18 ක ප්‍රතිඵල The Lancet හි ප්‍රකාශයට පත් කර ඇති අතර එම අත්හදා බැලීම කලින් ප්‍රකාශයට පත් කරන ලද මාස 12 විශ්ලේෂණ වාර්තාවේ සඳහන් වූ සමස්ත කාර්යක්ෂමතාව හා ආරක්ෂිත දත්ත සමඟ සාමාන්‍යයෙන් අනුකූල වේ.

මෙම වැදගත් 3වන අදියරේ අත්හදා බැලීම මගින් ප්රමාණවත් ඩෙංගු ආසාදනය වූ පුද්ගලයින් සංඛ්යාවක් සිටින ද්විතියික අන්ත ලක්ෂයන් හමු විය. මීට පෙර නොවැම්බර් මාසයේ පැවති The American Society of Tropical Medicine and Hygiene වාර්ෂික හමුවේදී ඉදිරිපත් කෙරිනි.
දෙවන අදියරේ DEN-204 අත්හදා බැලීමේ අවසන් මාස 48 විශ්ලේෂණයෙන් දිගුකාලීන ආරක්ෂාව සහ ටකේඩා හි ඩෙංගු එන්නත් පරීක්ෂාවට (TAK-003) DEN-204 ප්‍රතිශක්තිකරණයේ කල්පැවැත්ම පෙන්නුම් කරන අතර තුන්වන අදියරේ මාත්රා දෙකේ ක්රමයට තවදුරටත් සහාය වන බව විස්තර කරයි.

ඩෙංගු යනු මදුරුවන්ගෙන් බෝවන්නා වූ ඉතා වේගයෙන් ව්‍යාප්ත වන වයිරස් රෝගයකි. ලෝක සෞඛ්ය සංවිධානයට අනුව වර්ෂ 2019 දී ගෝලීය සෞඛයට එල්ල වී ඇති ඉහළම තර්ජන දහයෙන් එකක් වේ. ලෝකයේ අඩක් පමණ වර්තමානයේ ජීවත් වන්නේ ඩෙංගු තර්ජනය යටතේය. වාර්ෂිකව එමගින් මිලියන 390 ක් පමණ ඩෙංගු ආසාදනයට ලක්වන අතර වාර්ෂිකව ඉන් 20,000 ක් පමණ මිය යති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *