ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්‍ෂ 09 ඉක්මවයි

(කොළඹ, ලංකාපුවත්) – ලොව පුරා කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව ලක්‍ෂ නමය ඉක්මවා තිබේ. 47,000කට වැඩි පිරිසක් මේවන විටත් රෝගය හේතුවෙන් ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි නවතම වාර්තා පෙන්වා දෙයි.

මේවන විට කොවිඩ් 19 රෝගය ආසාදිතයින් වැඩිම පිරිසක් වාර්තා වන්නේ අමෙරිකාවෙනි. දැනට අමෙරිකාවෙන් පමණක් ආසාදිතයින් ලක්‍ෂ දෙකකට වැඩි පිරිසක් වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාව 5,000 ඉක්මවා ඇත.

අමෙරිකාවේ මේවන විට අත්‍යවශ්‍ය ඖෂධ හා වෛද්‍ය සැපයුම්වල දැඩි හිගයක් පවතින බවද සදහන්වේ.

වෛරසය හේතුවෙන් ඉදිරි මාස කිහිපය ඇතුලත අමෙරිකානුවන් ලක්‍ෂයත් – ලක්‍ෂ දෙත් අතර පිරිසක් මිය යනු ඇති බවට බලධාරීන් සැක පළ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *