පැන වූ සීමා ලිහිල් කිරීමට හදිසි නොවන්නැයි WHO ඉල්ලීමක්

(කොළඹ, ලංකාපුවත්) – කොරෝනා වෛරසය පැතිර යාම වැලැක්වීම සඳහා පනවන ලද සීමා ලිහිල් කිරීමට හදිසි නොවන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලීමක් කර සිටියි

ස්විට්සර්ලන්තයේ ජිනීවා හීදි මාධ්‍ය හමුවක් පවත්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප‍්‍රධානී ටෙඩ‍්‍රස් ඇඩනම් ගෙබ්‍රෙයිසස් මේ බව කියා සිටියේය.

ඔහු පැවසුවේ ඇතැම් රටවල නව කොරෝනා වෛරසය පැතිර යාම මේ වන විට මන්දගාමී වෙමින් තිබෙන බවයි. ආර්ථික බලපෑම සමඟ යම් යම් අරගලයන් සිදු වුවද, සීමාවන් ලිහිල් කිරීම සම්බන්ධයෙන් රටවල් ප්‍රවේශම් විය යුතුවේ.

සීමා ලිහිල් කිරීමට හදිසි වුවහොත් නව කොරෝනා වෛරසය යළි මාරාන්තික ලෙස නැගිටිනු ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

කොරෝනා වෛරසයෙන් වඩාත්ම තර්ජනයට ලක්ව තිබෙන ඉතාලිය සහ ස්පාඥය පවා පනවා ඇති ඇතැම් සීමා ලිහිල් කිරීමට මේවන විට කටයුතු කරමින් සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *