අමෙරිකාවේ කොරෝනා මරණ වර්තාගත ලෙස ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකාවට අවාසනාවන්ත කාලය උදා කරමින් එක් දිනක් තුළ කොරෝනා මරණ දෙදහසකට වඩා ඊයේ (10) වාර්තාවී ඇත.

මෙය එක් දිනක් තුළ රටකින් වාර්තා වූ ඉහළම කොරෝනා මරණ සංඛ්‍යාව ලෙස සැලකේ.

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ සංඛ්‍යා ලේඛනවලට අනුව පසුගිය පැය 24 තුළ පුද්ගලයන් 2,108දෙනෙක් වෛරසය හේතුවෙන් මිය ගොස් ඇත. ලක්‍ෂ 5 කට අධික ආසාදිතයන් මේ වන විට හමු වී තිබේ.

ඒ අනුව මේ වන විට අමෙරිකාවෙන් මරණ 18,747ක් වාර්තා වී ඇත. එමෙන්ම එරටින් වාර්තා වන ආසාදිතයින්ගේ සංඛ්‍යාව පන් ලක්ෂ 2876ක් බව ද විදෙස් වාර්තා සදහන් කරනු ලැබේ.

ලොව පුරා වැඩිම කෙරෝනා වෛරසය ව්‍යාප්තව ඇති රට ලෙස ඉතාලිය අභිබවමින් අමෙරිකාව ඉදිරියට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *