කෝටි 327 ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදාව අල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ ගැඹුරු මුහුදේ දී සිදුකළ මෙහෙයුමකින් රුපියල් කෝටි 327 ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබේ.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර කියා සිටියේ සැක කටයුතු රාජ්‍ය ධජ හිමි නැති (Flag Stateless) විදේශිය යාත්‍රාවක් නිරීක්‍ෂණය කර එය සෝදිසි කිරීමේදී හෙරෝයින් කිලෝග්‍රෑම් 260 සහ අයිස් කිලෝග්‍රෑම් 56 ක් අත්අඩංගුවට ගත් බවය.

ඒ සමඟ ඉරාන ජාතිකයින් බවට සැක කරන පුද්ගලයින් 07දෙනෙක් ද අත්අඩංගුවට ගෙන ඇත.

මේ වසරේ පමණක් දැනට ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් ගැඹුරු මුහුදේදී අත් අඩංගුවට ගත් මත් ද්‍රව්‍ය ප්‍රමාණය හෙරෝයින් කි.ග්‍රෑ 687 ක්, අයිස් කි.ග්‍රෑ 795 ක් සහ කැටමයින් කි.ග්‍රෑ 579 ක් වශයෙන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *