බලංගොඩ වෙළඳසැලක හටගත් ගින්නකින් පියා සහ දියණිය මරුට

(කොළඹ, ලංකාපුවත්) – බලංගොඩ පොලිස් වසමේ ගල්ගොඩ හංදිය රුක්අත්තන මාර්ගයේ පන්සල අසල ඇති වෙළඳසැලක ඇති වූ හදිසි ගින්නකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ ගින්නහට ගත් එම වෙළඳසැළ තුළ කොටසක පදිංචිව සිටි එකම පවුලේ පිය සහ දියණිය බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේය.

ගින්න අද(11) අළුයම 03.00ත් 03.30ත් අතර සිදුව ඇතැයි පැවසේ.

ගින්න හටගත් කොටසේ එකම පවුලේ මව, පියා, දියණිය හා පුතා පදිංචිව සිට ඇත. ගින්නෙන් මව සහ පුතා දිවි බේරාගෙන ඇති අතර ඔවුන් බලංගොඩ රෝහලේ ප්‍රතිකාර ලබයි.

අදාළ වෙළෙඳසැල ගිනිගන්නා අවස්ථාවේ දී පොලිසිය, ප්‍රදේශවාසීන්ගේ ද සහාය ඇතිව ගින්න නිවා දැමීමට කටයුතු කර ඇත.

මෙලෙස මිය ගොස් ඇත්තේ 50හැවිරිදි අයෙක් සහ 19 හැවිරිදි ඔහුගේ දියණියයි. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර බලංගොඩ පොලිසිය විමර්ශන සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *