අදත් සවස් කාලයේ බොහෝ ප්‍රදේශවලට වැසි

(කොළඹ, ලංකාපුවත්) – දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාල‍යේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා‍ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 පමණ තරමක තද වැසි ඇතිවේ.

ගිඟුරුම් සහිත වැසි සමඟ අකුණු හා තාවකාලික තද සුළං ඇති වන බවද සදහන් වේ.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන මීදුම් සහිත කාලගුණ තත්ත්වයක් ද පවතී.

මේ අතර අද(13) දිනයේ දහවල් 12.11 ට තේකම්පුද්දි, වෙල්ලන්කුලම්, උයිලන්කුලම් සහ කච්චිලමඩු යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × 4 =