ශිෂ්‍යත්ව-උසස්පෙළ අගෝස්තුවේ

(කොළඹ, ලංකාපුවත්) – එළඹෙන අගෝස්තු මාසයේ දී නියමිත පරිදි අපොස උසස්පෙළ විභාගය සහ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

මතුව ඇති තත්ත්වය හේතුවෙන් අතපසු වී ඇති පාඩම් පිළිබඳව ද සැලකිල්ලට ගනිමින් සිසුන්ට සාධාරණයක් වන පරිදි එම විභාග පැවැත්වීමට කටයුතු යොදන බව එම අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් ආර්. එම්. එම්. රත්නායක පැවසීය.

දැනට සැලසුම් කර ඇති පරිදි මැයි මස 11 වැනිදා දෙවන පාසල් වාරය ආරම්භ කිරීමේ හැකියාවක් ඇද්දැයි ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන් ඒ මහතා ‘සිය අරමුණ හැකි ඉක්මනින් පාසල් ආරම්භ කිරීම බවත් කෙසේවෙතත් සෞඛ්‍ය අංශයේ උපදෙස් අනුව කටයුතු කිරීමට බලාපොරොත්තු වෙන බවත් සඳහන් කළේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty − 9 =