සංක‍්‍රමණික මගීන්ට ගුවන් තොටුපළේ රැඳි සිටීමට ලබා දෙන කාලය දීර්ඝ කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන සංක‍්‍රමණික ගුවන් මගීන්ට ගුවන් තොටුපළ තුළ රැදී සිටීමට ලබා දී තිබූ කාළය තවත් පැය 06 කින් දීර්ඝ කර තිබේ.

ඒ අනුව, සංක‍්‍රමණික ගුවන් මගීන්ට කටුනායක ගුවන් තොටුපළ තුළ රැෙදී සිටීමට මෙතෙක් ලබා දී තිබූ පැය 06 ක කාළය, පැය 12 ක් දක්වා දීර්ඝ කර ඇති බව සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම නිවේදනය කළේය.

සංක‍්‍රමණික ගුවන් මගීන් හට කිසියම් රටක සිට පැමිණ, වෙනත් රටක් කරා යෑමට තවත් ගුවන් යානයක් පැමිණෙන තෙක් ගුවන් තොටුපළවල රැදී සිටීමට සිදු වේ.

කටුනායක ගුවන් තොටුපළ ද එලෙස සංක‍්‍රමණික ගුවන් මගීන් බහුල ලෙස හුවමාරු වන මධ්‍යස්ථානයක් ලෙස සැලකේ. කෙසේ වෙතත්, කොරෝනා වෛරස වසංගත තත්වය හේතුවෙන්, එවැනි සංක‍්‍රමණික ගුවන් මගීන්ගේ පැමිණීම ද බොහෝ සේ අඩු වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *