ඇඳිරිනීතිය ලිහිල් කළාට කොවිඩ් නීති එලෙසමයි කඩ කළොත් වැඩ වරදී

(කොළඹ, ලංකාපුවත්) – ඇදිරි නීතිය ලිහිල් කළ ප්‍රදේශවල ජනතාව කොවිඩ් 19 සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමකින් තොරව කටයුතු කරන්නේ නම් ඒ අයට එරෙහිවත් පොලීසිය නීතිය ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය. සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමකින් තොරව කටයුතු කරන පුද්ගලයින් සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට සිවිල් ඇදුමින් සැරසුණු පුද්ගලයින් ද යොදවා ඇතැයි අජිත් රෝහණ මහතා කීය.

ඇදිරි නීතිය ලිහිල් කළායැයි කියා ජනතාවට සෞඛ්‍ය ආරක්ෂක උපදෙස් පිළිපැදීමකින් තොරව කටයුතු කිරීමට ඉඩක් නොමැති බවත් කොවිඩ් 19 වෛරසයෙන් ජනතාවට ජයග්‍රහණයක් අත්පත්කර ගත හැක්කේ සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් පිළිපැදීම තුළින් බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *