ශ්‍රී ලංකාවේ අතරමං ව සිට පාකිස්තානුවන්

(කොළඹ, ලංකාපුවත්) –කොරෝනා වෛරස් වසංගත තත්වය නිසා මෙරට ජාත්‍යන්තර ගුවන් ගමන් අත්හිටුවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ අතරමංව සිටි පාකිස්තානු ජාතිකයන් පනස් දෙනෙකු නැවතත් සිය රට බලා යැවීමට පියවර ගත් බව කොළඹ පාකිස්තාන මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කළේය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 1185 යානය ඊයේ (28) පෙරවරු 07.00ට කටුනායක ගුවන් තොටුපලින් පිටත්ව තිබේ.

එම අවස්ථාවට මෙරට පාකිස්තාන කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහකොමසාරිස් තන්වීර් අහමඩ් මහතා සහභාගී වූ බව මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

එම පාකිස්තානුවන්, පාකිස්තානයට ආපසු ගෙන්වා ගැනීම සඳහා පාකිස්තාන රජයට සහ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයට ඔවුන් ස්තූතිය පුද කළහ. කෝවිඩ් -19 වසංගත තත්ත්වයෙන් පසු දුෂ්කරතාවන්ට මුහුණ දුන් ප්‍රජා සාමාජිකයින්ගේ සුභසාධනය සහ යහපැවැත්ම උදෙසා මහ කොමසාරිස් කාර්යාලය ගත් උත්සාහයට ද ඔවුහු කෘතඥතාව පල කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *