ICC නවතම ශ්‍රේණිගත කිරීම නිකුත් කරයි

(කොළඹ, ලංකාපුවත්) – ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් සිය නවතම කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත් කරයි. ඒ අනුව ටෙස්ට් සහ 20යි 20 අංශයේ පෙරමුණ ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වීම විශේෂත්වයකි. මෙතෙක් ටෙස්ට් වර්ගීකරණයේ පෙරමුණේ පසුවුයේ ඉන්දියාවයි.

එසේම මීට පෙර විස්සයි 20 ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ පාකිස්තානයට හිමිව තිබුනි. කෙසේ වෙතත්, මෙවර සිදුකළ ශ්‍රේණිගත කිරීම් යාවත්කාලීන කිරීමේ දී ඔවුන්ට එම ස්ථානයන් අහිමි වී තිබේ.

එක්දින ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයේ පසුවන්නේ ලෝක ශූර එංගලන්තයයි. නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඉන්දියාවට හිමිව ඇත්තේ තෙවැනි ස්ථානයයි. ඉන්දියාවට ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ අහිමි වූයේ 2016 වසරේ ඔක්තෝම්බර් මාසයෙන් අනතුරුව වීම කැපීපෙනෙන කාරණයකි.

පාකිස්තානයට ද 20යි 20 ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ අහිමි වූයේ මාස 27කට පසුවය. ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි විශාලතම කඩා වැටීමට ලක්ව ඇත්තේ දකුණු අප්‍රිකාවයි. ඔවුන්ට ප්‍රසාද ලකුණු 8ක් අහිමි වී ඇති අතර, ඒ අනුව දකුණු අප්‍රිකාව නවතම ශ්‍රේණිගත කිරීම්හි 06 වන ස්ථානය දක්වා පහළට ඇද වැටී ඇත්තේ ශ්‍රී ලංකාවට 5 වන ස්ථානය හිමි කර දෙමින්ය.

ශ්‍රී ලංකාව එක්දින ශ්‍රේණිගත කිරීම්හි 08 වන ස්ථානයේ ද, 20යි 20 ශ්‍රේණිගත කිරීම්හි 07 වන ස්ථානයේ ද රැදී සිටියි.‍‍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *