අප්‍රිකානු කලාපයට WHO අනතුරු ඇඟවීමක්

(කොළඹ, ලංකාපුවත්) – අප්‍රිකානු කලාපයේ වසරක් තුළ කොරෝනා වෛරස් ආසාදනයෙන් 190,000ක පිරිසක් මිය යාමේ අවදානමක් පවතින බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීමක් සිදු කර ඇත.

වෛරසය පාලවය කිරීම සදහා නිසි ක්‍රියාමාර්ග නොගතහොත් කෝටි 04කට අධික පිරිසක් ආසාදනයට ලක් වීමේ අවදානමක් ද පවතින බව පෙන්වා දෙයි.

කෙසේ නමුත් මේවන විට කොරෝනා වෛරසය පැතිර ගිය රටවල් රැසක් සිය රටවල වසා දැමීමේ සීමා ලිහිල් කරමින් පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *