ඉන්දියාව පරිත්‍යාග කළ තවත් ඖෂධ තොගයක් දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දියාවෙන් පරිත්‍යාග කළ අත්‍යාවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගයක් රැගත් විශේෂ ගුවන් යානය ඊයේ(08) කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

ඉන්දියාව මෙරටට පරිත්‍යාග කළ සිව්වන ඖෂධ තොගය මෙයවන අතර , එය ටොන් 12.5 ක බරකින් යුක්තය.

මෙම ඖෂධ තොගය සමග ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහ කොමසාරිස් ලෙස පත් කර ඇති ගෝපාල් බාග්ලේ මහතා ද ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × 1 =