කොරෝනා ආසාදිතයින් ගණන 835 ක් දක්වා ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – ඊයේ(08) රාත්‍රී 11.45 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 11 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 835 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ උදෑසන 10 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 8 දෙනෙක් සුවය ලැබු අතර ඒ අනුව සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 240 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ වන විට දිවයින් පුරා රෝහල්වල පුද්ගලයින් 586 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.

මෙරට කොරෝනා ආසාදිත මරණ 9 ක් වාර්තා වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *