COVID-19 කාලය තුළ මානසික සෞඛ්‍ය පිළිබඳව දැනුවත් කිරීම සඳහා එයාර්ටෙල් ජාතික මානසික සෞඛ්‍යය විද්‍යායතනය සමඟ එක්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – වර්තමානයේ COVID-19 වැනි වසංගතවලින් මානසික සෞඛ්‍යයට බලපෑම් ඇති විය හැකිය. මෙවැනි පීඩාකාරී කාලවලදී යහපැවැත්ම පවත්වා ගැනීමට සහාය වීම හා කළමනාකරණය කිරීම සඳහා එයාර්ටෙල් ලංකා සමාගම, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය (NIMH)සමඟ එක්ව ඔබගේ මානසික සෞඛ්‍යය පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීම සඳහා වැඩසටහන් ගණනාවක් දියත් කර ඇති බව නිවේදනය කර ඇත.

මෙවැනි අර්බුදකාරී කාලවලදී මතු විය හැකි පොදු මානසික ගැටළු පිළිබඳ ප‍්‍රායෝගික අවබෝධයක් ලබා දෙන අතරම, NIMH හි අත්දැකීම් සහිත මානසික සෞඛ්‍යය වෘත්තිකයින්ගේ හා උපදේශකයින්ගේ විශේෂඥ දැනුම ලබා ගනිමින් එයාර්ටෙල් සමාගම ශ්‍රී ලාංකික තාරුණ්‍යය සමඟ ඇති සිය ශක්තිමත් සබඳතාවය උපයෝගී කර ගෙන එකමුතුකමේ පණිවිඩය ලබා දීමට කටයුතු කරනු ඇත.
‘‘Covid-19 සඳහා වන මහජන සෞඛ්‍යය ප‍්‍රතිචාරයේ කොටසක් ලෙස මානසික යහපැවැත්ම සලකාබැලීම අතිශයින් වැදගත්ය.

මෙම පරතරය හඳුනා ගනිමින් අප, එයාර්ටෙල් හි සහයෝගය ඇතිව මානසික සුවතාවය ඇති කිරීමට හේතුවන පීඩාවන් අවම කිරීමේ ක‍්‍රම භාවිතා කිරීමට සියලූ දෙනාම ධෛර්යයමත් කිරීම සඳහා NIMH හි කණ්ඩායමක් මහජනතාව වෙත ළඟා වෙමින් සිටී. මෙම වසංගත කාලය අතරතුර කාංසාව ඉහළ ගොස් ඇති අතර හුදකලාවෙන් පෙළෙන අපේම ජනතාව වෙනුවෙන් මෙය දැනගන්න: ඔබ තනි වී නොමැත. අප සැම එක්ව වසංගතයට මුහුණ දෙන විට කායිකව දුරස්ථව සිටින අතරම එකිනෙකා ගැන සොයා බලමින් සෞඛ්‍යය සම්පන්න ජීවන රටාවක් පවත්වා ගෙන යෑම වැදගත් වනු ඇත.’’ යනුවෙන් NIMH ශ්‍රී ලංකා හි අධ්‍යක්ෂක, වෛද්‍ය ධම්මික විෙඡ්සිංහ මහතා පැවසුවේය.

සම්බන්ධ වී සිටීම හා විනෝදාස්වාදය

lockdown කාලය පුරාවටම එයාර්ටෙල් සමාගම සිය සියලූම පරිශීලකයින්ට Airtel Movie Box හරහා නොමිලේ විනෝදාස්වාදය ලබා දෙනු ඇ. පරිශීලකයින්ට ‘My Airtel’ යෙදුම හරහා පිවිස චිත‍්‍රපට 500කට අධික සංඛ්‍යාවක් ඔවුන්ගේ කැමැත්ත අනුව තෝරා ගත හැකිය – මෙය HD තාක්ෂණයෙන් හා භාෂා ත‍්‍රිත්වයෙන්ම නැරඹිය හැකි මෙරට චිත‍්‍රපට පිළිබඳව ශ්‍රී ලංකාවේ පවතින විශාලතම අන්තර්ජාල පුස්තකාලය යි. නවතම චිත‍්‍රපටවල සිට රිදී තිරයේ ස්වර්ණමය යුගය දක්වා ඈතට දිවෙන චිත‍්‍රපට මෙම අන්තර්ජාල පුස්තකාලයට ඇතුළත්ය.

e-learning සවිබල ගැන්වීම

Lockdown කාලය අතරතුර අධ්‍යාපන කටයුතු කෙරහෙි ඇති කැපවීම මගහැරී යාම සැලකියයුතු මට්ටමක පැවතියද, එයාර්ටෙල් සමාගම තරුණ ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ අධ්‍යාපනය අතපසු නොකරන ලෙසයි. lockdown කාලය තුළ එයාර්ටෙල් පරිශීලකයින්ට සිය අධ්‍යාපන කටයුතු කරගෙන යාමට සහාය වීම සඳහා සමාගම, පළමු ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා ඉගෙනීමේ පහසුකම් ඇති පාසල් සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ නිල e-learning අවකාශය වන ‘ඊ-තක්සලාව’ සහ විශ්වවිද්‍යාල මගින් පවත්වා ගෙන යනු ලබන e-learning අවකාශය වන ‘LEARN’ වෙත නොමිලේ ප‍්‍රවේශ වීමට පහසුකම් සලසා දී ඇත.

‘My Airtel’ යෙදුම සියලූම පරිශීලක අවශ්‍යතා සඳහා එක් නැවතුම්පලක් (one-stop shop) ලෙස ශක්තිමත් කර ඇත
එයාර්ටෙල් පාරිභෝගිකයින්ට නිවසේ සිටියදීම ‘My Airtel App’ සහ එයාර්ටෙල් වෙබ් අඩවිය හරහා top up සහ රීචාර්ඡ් කළ හැකිය. Airtel App මගින් පාරිභෝගිකයින්ට ඬේටා bundles සඳහා 25% ක සුවිශේෂී විශේෂ වට්ටමක්, ‘නිවසේ සිට වැඩ කිරීම’ සඳහා වැඩිපුර ඬේටා සහිත ඬේටා පැකේජ සහ අමතර බෝනස් කතා කාලයක් ඇතුළු බොහෝ විකල්ප ලබා දෙයි. එමෙන්ම තෝරා ගත් සුවිශේෂ දීමනා ද පාරිභෝගිකයින්ගේ පහසුව සඳහා බැංකු සහ වෙනත් ගෙවීම් ආයතනවලින් ලබා ගත හැකිය. තවද, එයාර්ටෙල් සිය පාරිභෝගිකයින්ට ‘My Airtel App’ යෙදුම හරහා තවත් එයාර්ටෙල් පෙරගෙවුම් අංකයක් recharge කිරීමෙන් නිවසේ සිට උපයා ගැනීමට ද අවස්ථාවක් ලබා දෙයි.

මීට අමතරව මෙම කාලය තුළ top up cards මිලදී ගැනීමට හෝ රීලෝඞ් කිරීමට නොහැකි සියලූම එයාර්ටෙල් පෙරගෙවුම් පාරිභෝගිකයින්ට හදිසි ණය පහසුකමක් ලබා දෙයි.
වසංගතය පැතිර යාමේ අවදානමත් සමඟ lockdown පළමුව ක‍්‍රියාත්මක කිරීමට මාසයකට පෙර සිටම හා සමාජ දුරස්ථභාවය සඳහා වන නියෝගයන් තරයේ පිළිපදිමින් අපගේ පාරිභෝගිකයින්ට මෙම අභියෝගාත්මක කාලයට මුහුණ දීමට උපකාර කිරීම සඳහා හැකි සෑම දෙයක්ම අප කරනවාx වෘත්තීයමය කටයුතු, ඉගෙනීම් කටයුතු කිරීමට හෝ විනෝදාස්වාදය ආදී අපගේ සියලූම දෛනික අවශ්‍යතා අන්තර්ජාලය හරහා සපුරාලමින් සහ අපව සම්බන්ධ කර තබා ගැනීමෙන් මෙම කෝවිඞ් අර්බුදයට සාර්ථකව මුහුණ දීමට අප සියලූ දෙනාටම තාක්ෂණයේ පිහිට පැතීමට සිදු වෙලා තියෙනවා’’ යනුවෙන් එයාර්ටෙල් හි ප‍්‍රධාන විකුණුම් නිළධාරී, චන්ද්‍රශේකර් සිංග් චෞහාන් මහතා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *