COVID-19 පසු සංචාරක කර්මාන්තය නැවත විවෘත කිරීම මෙහෙයුම් මාර්ගෝපදේශ කෙටුම්පත් කරයි

(කොළඹ, ලංකාපුවත්) – COVID-19 පසු ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය යළි ක්‍රියාත්මක කරවීම සදහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් සංචාරක කර්මාන්තය සඳහා මෙහෙයුම් මාර්ගෝපදේශ කෙටුම්පත් කර ඇත.

එම අධිකාරිය විසින් මෙම මාර්ගෝපදේශ පිළිබඳව සෞඛ්‍ය හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ද නිර්ණායක ලබාගෙන තිබේ. මෙහි මූලික පියවරක් ලෙස අදාළ මාර්ගෝපදේශ ලේඛනය හෝටල් සංගමය වෙත නිකුත් කිරීමට පියවර ගැනේ.

සංචාරක කර්මාන්තයේ පාර්ශවකරුවන් හා ඔවුන්ගේ ප්‍රතිපෝෂණය මේ සම්බන්ධයෙන් වඩා පුළුල්ව සාකච්ඡා කිරීමෙන් අනතුරුව සංශෝධිත කෙටුම්පත සංචාරක කර්මාන්ත සම්බන්ධ අංශ වෙත බෙදා හැරීමට සූදානම් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *