විදුලි බිල්පත් කඩිනමින් නිවැරදි කිරීමට පියවර

(කොළඹ, ලංකාපුවත්) – නියමිත ගාස්තුවට වඩා වැඩි මුදලක් එක් කරමින් ඇතැම් ප්‍රදේශවල ජනතාවට ලැබී ඇති විදුලි බිල්පත් කඩිනමින් නිවැරදි කිරීමට පියවර ගන්නා බව විදුලිබල අමාත්‍යාංශය සදහන් කරයි.

දෝෂ සහගත බිල්පත් ලැබී ඇතැයි පැවසෙන නිවාස හඳුනා ගැනීම මේ වන විට ආරම්භ කර ඇති බව එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසීය.

එම නිවාස හදුනා ගෙන නිවැරදි බිල්පත් යොමු කිරීමට ඉදිරි දින කිහිපය තුල කඩිනමින් පියවර ගන්නා බව සුලක්ෂණ ජයවර්ධන මහතා කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *