මෙරට කොරෝනා වෛරස් ආසාදිතයින් ගණන 935දක්වා ඉහළට

(කොළඹ, ලංකාපුවත්) –ඊයේ(15) රාත්‍රී 11.30 වන විට කොරෝනා ආසාදිතයින් 10 ‍දෙනෙක් වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 935 ක් දක්වා ඉහළ යනු ඇත.

එසේම මේ වන විට කොවිඩ් 19 වෛරස ආසාදිතයින් 477 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

මේ වන විට මෙරටින් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් 935දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන් ආසාදිතයින් 449 දෙනෙකු තවදුරටත් රෝහල් කිහිපයක වෛද්‍ය අධික්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බව වසංගතරෝග විද්‍යා අංශය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *