ශ්‍රී ලංකන් ගුවන් සේවය ජුනි 01වනදා සිට නියමිත ගුවන් ගමන් ආරම්භ කිරීමට සූදානම්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකන් ගුවන් සේවය ජුනි මාසය වන විට නියමිත ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමට සූදානම් වන බව ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා පවසයි.

“ජුනි මස පළමුවැනිදා වන විට අපගේ නියමිත ගුවන් ගමන් නැවත ආරම්භ කිරීම සඳහා අපි ගුවන්තොටුපල සහ ගුවන් සේවා සමඟ කටයුතු කරමින් සිටිනයා,” යැයි පතිරගේ මහතා ශ්‍රී ලංකාවේ ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධාන කරන ලද මාර්ගගත සංසදයක අදහස් දක්වමින් සදහන් කළේය.

කොරෝනා වෛරස් පාලනය වෙනුවෙන් මෙරට ගුවන්තොටුපල වසා දමා සංචාරක සීමාවන් පැනවීම නිසා ශ්‍රී ලංකන් නියමිත ගුවන් ගමන් නතර කළේය.

පතිරගේ මහතා පැවසුවේ ගුවන් තොටුපල ක්‍රමයෙන් විවෘත කිරීමට නියමිතය. දේශීය ගුවන් ගමන් නැවත ආරම්භ කිරීම සඳහා ඉන්දියාව විසින් අවසර ලබා දී තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *