අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වෙයි

(කොළඹ, ලංකාපුවත්) –අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළයාමක් ඊයේ (26) දක්නට ලැබුණි.

ඒ අනුව මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 188.6ක් ලෙසයි.

මේ වසර තුළ දී රුපියලේ අගය සියයට 2.6කින් අව ප්‍රමාණ වී ඇති අතර පසුගිය අප්‍රේල් 8 වන දා රුපියල සියයට 9.4කින් පමණ අවප්‍රමාණ වූයේ ඩොලරයක විකුණුම් මිල රුපියල් 200 ඉක්මවමින්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *