ආරුමුගම් තොණ්ඩමන් මහතා අභාවප්‍රාප්ත වෙයි

(කොළඹ, ලංකාපුවත්) –ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා අභාවප්‍රාප්ත වී ඇත.

හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් ඒ මහතා ජීවිතක්ෂයට පත්ව ඇත.

1964 වසරේ මැයි මස 29 වන දා උපත ලබා ඇති ආරුමුගම් තොණ්ඩමන් මහතා අභාවප‍්‍රාප්ත වනවිට පසුවූයේ 55 වියේයි.

ආරුමුගම් තොණ්ඩමන් මහතා දේශපාලනයට පිවිසියේ සිය මුත්තණුවන් වූ සෞම්‍යමූර්ති තොණ්ඩමන් මහතාගේ මඟ යමින්ය. 1994 වසරේදී නුවරඑළිය දිස්ත‍්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි ආරුමුගම් තොණ්ඩමන් මහතා ආණ්ඩු කිහිපයක් යටතේම විවිධ අමාත්‍ය ධුර හොබවනු ලැබීය. අභාවප‍්‍රාප්ත වන විට ඔහු කටයුතු කරමින් සිටියේ ප‍්‍රජා සවිබලගැන්වීමේ සහ වතු යටිතල පහසුකම් අමාත්‍යවරයා ලෙසයි.

වතුකරයේ කැපී පෙනෙන දේශපාලන බලයක් හිමි ලංකා කම්කරු කොංග‍්‍රසයේ නායකයා ලෙසද ආරුමුගම් තොණ්ඩමන් මහතා කටයුතු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *