කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1558 දක්වා ඉහළට

‍(කොළඹ, ලංකාපුවත්) –ඊයේ (29) රාත්‍රී 11.00 වනවිට තවත් කොරෝනා වෛරස් ආසාදිතයින් 10 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 1558 දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ රාත්‍රී 11.00 වනවිට එදින තුළ පමණක් වාර්තා වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 28කි.

එසේම මේවන විට සුවය ලැබු මුළු අසාදිතයින් 754 ගණනකි. මේ වන විට වෛද්‍ය අධීක්ෂණය යටතේ රොගීන් 784 ක් ප්‍රතිකාර ලබමින් සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *