රුසියාවේ හදිසි තත්වය ප්‍රකාශයට පත් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – රුසියාව තුළ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට එරට ජනාධිපති ව්ලැදිමීර් පුටින් පියවර ගෙන ඇත.

ඒ, එරට බොරතෙල් ටොන් 20,000 ක් ආක්ටික් කවයට අයත් ගංගාවකට මිශ්‍ර වීම හේතුවෙනි.

නොරිල්ස්ක් නගරය අසළ පිහිටා තිබෙන විදුලිබලාගාරයක ඉන්ධන ටැංකියක් පසුගිය සිකුරාදා කඩා වැටීමෙන් මෙම තෙල් අදාළ ගංගාවට මිශ්‍ර වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම සිදුවීම පිළිබඳව නිලධාරීන් සොයාගෙන ඇත්තේ දින දෙකකට පසුව වීමත් සමඟ ජනාධිපති පුටින් කෝපයට පත්ව තිබෙන බවද වාර්තාවේ.

ලොව ප්‍රමුඛතම නිකල් සහ පැලේඩියම් නිෂ්පාදකයා වන නොරිල්ස්ක් නිකල්ගේ අනුබද්ධ සමාගමක් මෙම බලාගාරය සතුය.

ඊයේ(03) එරට රූපවාහිනියෙන් විකාශය වූ වීඩියෝ සම්මන්ත්‍රණයක දී පුටින් ජනාධිපතිවරයා, අදාළ සමාගමේ ප්‍රධානියාට දෝෂාරෝපණය කර ඇතැයි ද සදහන්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *