අක්ෂේ කුමාර් වැටුප් ලබන කීර්තිමත් පුද්ගලයින්ගේ ලැයිස්තුවට

(කොළඹ, ලංකාපුවත්) – සුප්‍රිසිද්ධ ෆෝබ්ස් සඟරාවට අනුව වසර 2020 හි වැඩිම වැටුප් ලබන කීර්තිමත් පුද්ගලයින්ගේ ලැයිස්තුවට බොලිවුඩ් නළු අක්ෂේ කුමාර් ඇතුලත්ව ඇත.

ෆෝබ්ස් ලැයිස්තුවේ අක්ෂේ කුමාර්ව හඳුන්වා දී ඇත්තේ ‘බොලිවුඩයේ ඉහළම ආදායම් ලබන තාරකාව’ සහ ‘ඉන්දියාවේ වඩාත්ම පරාර්ථකාමී කීර්තිමත් පුද්ගලයෙක්’ ලෙසයි.

කේසරි, මිෂන් මංගල්, හවුස්ෆුල් 4 සහ ගුඩ් නිව්ස් වැනි චිත්‍රපට සමඟ පසුගිය වසරේ සාර්ථක බොලිවුඩ් ජයග්‍රහණයන් කිහිපයකින් පසුව, ෆෝබ්ස් 2020 ලෝකයේ වැඩිම වැටුප් ලබන කීර්තිමත් පුද්ගලයින්ගේ ලැයිස්තුවට ඇතුළත් වූ එකම ඉන්දියානුවා බවට අක්ෂේ කුමාර් පත්විය.

අක්ෂේගේ ආදායම ඩොලර් මිලියන 48කි. එම තත්ත්වය මත ඔහු, වැඩිම වැටුප් ලබන කීර්තිමත් පුද්ගලයින් සියය දෙනාගේ ලැයිස්තුවේ 52වන ස්ථානයේ පසුවේ.

මෙම ලැයිස්තුවේ ඉහළින්ම පසුවන්නේ ඩොලර් මිලියන 590 ක ඉපැයීම් ලබන මාධ්‍යවේදිනියක සහ රියැලිටි ෂෝ තරුවක් වන අමෙරිකාවේ කයිලි ජෙනර් යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

12 + five =