බ්‍රිතාන්‍යයේ සංචාරක නිරෝධායන නීති අලුත් කරයි

(කොළඹ, ලංකාපුවත්) – බ්‍රිතාන්‍යයට පැමිණෙන සියලුම පුද්ගලයින්ට දින 14 ක් ස්වයං හුදෙකලා වීමට අවශ්‍ය නව නීති හදුන්වා දී තිබේ.

බ්‍රිතාන්‍ය පුරවැසියන් ද රටට ඇතුළු වීමේ දී මෙම නීතිය බලපැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

නීති රීති අනුගමනය නොකරන්නේ නම් ඔවුන් හුදෙකලා වී ඩොලර් 1,000 දක්වා දඩයකට යටත් විය යුතු බවට ද සදහන්වේ.

බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු ලේකම් ප්‍රීති පටෙල් පැවසුවේ කොරෝනා වෛරසයේ දෙවන රැල්ල වැළැක්වීම සඳහා මෙලෙස නව නීති නිර්මාණය කර ඇති බවයි. එසේම ඇතැම් කර්මාන්ත සදහා මෙම නීතිරීති දැඩි ලෙස බලපානු ඇතැයි සදහන්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *