ශ්‍රී ලංකාව තුළ පියාසර වස්තුවක් දුටු බවට කිසිදු සාක්ෂියක් නැහැ

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ හඳුනානොගත් පියාසර වස්තුවක් දැක ඇති බවට කිසිදු සාක්ෂියක් නොමැති බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය චන්දනා ජයරත්න මහතා පැවසීය.

ඔහු පැවසුවේ ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රදේශවලින් හඳුනානොගත් පියාසර වස්තුවක් දර්ශන පිළිබඳ ප්‍රකාශ තහවුරු කර නොමැති බවයි.

එක් පුද්ගලයෙක් එවැන්නක් දුටු බව කියා සිටින විට අනෙක් ප්‍රදේශවල ජනතාව ද ඒ හා සමාන දෑ කීමේ ප්‍රවණතාවක් පවතින බව ඔහු පෙන්වා දුන්නේය. කටාන සහ කැලණිය ප්‍රදේශවල මෑතකදී මෙවැන්නක් දුටු බවට සදහන් වුවුත් එය සැබැවින්ම පාවෙන බැලූනයක් බව ජයරත්න මහතා පැවසීය.

එසේම මෑතකදී ත්‍රිකුණාමලය ප්‍රදේශයේ මෙවැන්නක් දර්ශනය වුනු බව කියැවෙන කරුන ද චන්ද්‍රිකාවක් විය හැකි බවට විශ්වාස කරන බවද ඔහු කීය.

අදාළ පියාසර සම්බන්ධයෙන් පළවන ඡායාරූපවල කාලය පිළිබඳ සැකයක් පවති. ජයරත්න මහතා කියා සිටියේ එම ඡායාරූපවල කාලය ආසන්න වශයෙන් සවස 5 ට ආසන්න වන අතර ඡායාරූපවල දැක්වෙන්නේ එය රාත්‍රිය බවයි.
එය සවස 5 නම් එය රාත්‍රියක් විය නොහැක. එබැවින් එම රූප පිළිබඳව යම් සැකයක් පවතින බව ඔහු පැවසීය.

කෙසේ නමුත් මේ පිළිබඳ අවසන් නිගමනයකට එළඹීමට පෙර මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්විය යුතු බව මහාචාර්ය චන්දනා ජයරත්න මහතා සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *