ඉටුකම අරමුදලේ ශේෂය තවදුරටත් ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමඟ ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1376 ඉක්මවා තිබේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය රුපියල් 1,813,688ක් අරමුදලට ප්‍රදානය කර ඇති අතර චෙක්පත අද දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගැන්විය.

මේ අතර ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය රුපියල් 250,000ක් සහ ශ්‍රී ලංකා චෙස් සම්මේලනය රුපියල් 1,000,000ක් අරමුදල වෙනුවෙන් ජනාධිපතිවරයා වෙත භාරදුන්නේය.

හසන්ත ගුරුගේ මහතා රුපියල් 100,000ක් සහ බස්නාගොඩ ජලාශ ව්‍යාපෘතිය රුපියල් 28,739.17ක් අරමුදලට පරිත්‍යාග කර ඇති අතර මේ වන විට ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් 1,376,767,920.06 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *