නුවරඑළියේ පොහොර වැඩි මිලට විකුණන වෙළදුන් සොයා වැටලීම්

(කොළඹ, ලංකාපුවත්) – රජයේ පාලන මිලට වඩා වැඩි මිලකට පොහොර විකුණු නුවරඑළියේ වෙළඳසැලක් වැටලීමට නුවරඑළිය පාරිභෝගික කටයුතු අධිකාරිය කටයුතු කර තිබේ.

පාරිභෝගික කටයුතු අධිකාරියේ නුවරඑළිය කාර්යාලයේ ජේ්‍යෂ්ඨ විමර්ෂණ නිලධාරි ජේ.එම්. ආර්. කරුණාරත්න මහතා සඳහන් කලේ එම වෙළඳ සැළට විරුද්දව නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගැනීමින් සිටින බවය. .

ඹහු සඳහන් කලේ රුපියල් 1150 කට මිල නියම කර තිබු මිශ්‍ර පොහොර මිටියක් රුපියල් 1400 ක මුදලකට අලේවි කරන බවට ලැබුණු පැමිණිල්ලක් මත මෙම වැටලීම සිදුකල බවය..

පොහොර වැඩි මිලට විකිණිම සම්බන්ඳව පැමිණිලී ලැබිමත් සමග දිස්ත්‍රික් ලේකම් එම්.බි.ආර්. පුෂ්පකුමාර මහතාගේ උපදෙස් පරිදි දිස්ත්‍රික්කය පුරා වැටලීම තම කාර්යාලය මගින් ආරම්භ කර ඇති බවත්, නුවරඑළිය දිස්ත්‍රික්කය තුල වැඩි මිලට පොහොර අලෙවි කරන වෙළදුන් නිතීයේ රැහැනට හසුකර ගැනීම සඳහා අවශ්‍ය සැම කටයුත්තක්ම සිදුකරන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *