සත්වෝද්‍යාන සහ වනෝද්‍යාන ජුනි 15 සිට යළි විවෘත කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – ජාතික සත්වෝද්‍යාන, උද්භිත උද්‍යාන, වනජීවී උද්‍යාන, වනසංරක්ෂණ උද්‍යාන සංචාරකයින්ට ජුනි 15 සිට විවෘත කෙරෙන බව ඇමති එස් එම් චන්ද්‍රසේන මහතා නිවේදනය කරයි.

කොවිඩ් 19 වසංගත ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමුණු සියලු සත්ත්වෝද්‍යාන සහ ජාතික උද්‍යාන යළි විවෘත කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව සත්ත්වෝද්‍යාන සහ ජාතික උද්‍යාන ලබන 15 වනදා සිට මහජනතාව සදහා විවෘත කෙරෙයි.

කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් පසුගිය මාර්තු මස 14වනදා සිට මෙරට සියලු සත්ත්වෝද්‍යාන සහ ජාතික උද්‍යාන වසා දැමීමට පියවර ගැනුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *