ඊයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් වැඩි දෙනෙක් නාවිකයින්

(කොළඹ, ලංකාපුවත්) – ඊයේ (10) දිනයේ දී හඳුනා ගැණුනු රෝගීන් දස දෙනා අතර නාවික හමුදා සාමාජිකයින් 08 දෙනෙකු වන බව සඳහන් වේ.

ඔවුන්ගෙන් 07 දෙනෙකු ඉයක්කච්චි නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි අය වන අතර අනෙක් නාවික හමුදා සාමාජිකයා මුලතිව් නාවික හමුදා මධ්‍යස්ථානයේ සිටි අයෙකු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඊයේ දිනයේ හඳුනා ගැණුනු අනෙක් රෝගීන් දෙදෙනාගෙන් එක් අයෙකු කටාර් හි සිට පැමිණ පලගහතැන්න නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයෙකු වන අතර අනෙක් පුද්ගලයා මුම්බායි හි සිට පැමිණ දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිටි අයෙකු බව සඳහන්.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 1869 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

ඒ අනුව මේ වන විට කොවිඩ් නයින්ටීන් රෝගීන් 736 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර රෝගීන් 1122 දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *