ළමා ආරක්ෂක අධිකාරිය නීති දැඩි කරයි

(කොළඹ, ලංකාපුවත්) –ශාරීරික, මානසික, ලිංගික හා නොසලකා හැරීම් යන සියලු ආකාරයේ අපයෝජනයන්ගෙන් ළමයින් ආරක්ෂා කර ගැනීම සඳහා කටයුතු කරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසනවා.

ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා කියාසිටියේ ළමා ආරක්ෂක අධිකාරිය සතු බලතල ක්‍රියාත්මක කිරීමේදී ඊට බාධා කරන හෝ ප්‍රතිරෝධය පාන සෑම තැනැත්තෙක්ම වරදක් සිදු කරන බවත් එම තැනැත්තන්ට එරෙහිව දැඩිව නීතිමය ක්‍රියාත්මක කරන බවත්ය.

ළමා ආරක්ෂාව තහවුරු කිරීම හා ළමයින්ගේ උපරිම යහපත සැලසිම සඳහා සියලු පුද්ගලයන් හා පාර්ශවයන් වගකීමෙන් යුතුව, එක්ව කටයුතු කිරීම ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අපේක්ෂා කරන බව නිවේදනයක් නිකුත් කරමින් මහාචාර්ය මුදිත විදානපතිරණ කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *