ආර්ථිකය ගොඩනැගීමේ වගකීම පැහැර නොහරින්න – ජනපති මහ බැංකුවට කියයි

(කොළඹ, ලංකාපුවත්) –වැටුණු ආර්ථිකය ගොඩ නැගීමේ වගකීම පැහැර නොහරින්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා මහ බැංකුවේ ප්‍රධානීන්ට පවසයි.

ජනාධිපති කාර්යාලයේ ඊයේ(16) පැවති සාකච්ජාවකදී ජනාධිපතිතුමා මෙම අවවාදාත්මක ප්‍රකාශය සිදු කළේය.

ආර්ථික පුනර්ජීවනය සඳහා රජය සිය යෝජනා ඉදිරිපත් කර තිබුණ ද, ඊට මහ බැංකුවේ සහය මෙතෙක් ලැබී නැතැයි ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය. ජනතාව තමාට අතිවිශාල ජනවරමක් දී ඇත්තේ රට වෙනුවෙන් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එය ඉටුකිරීමට බැඳී සිටින බව අවධාරණය කළේය.

සෞඛ්‍ය, ආරක්ෂක සහ බුද්ධි අංශ එක්ව කොවිඩ් වසංගතයෙන් රට බේරා ගැනීමට විශාල කැපකිරීමක් කළ බවත් රට ආර්ථිකමය වශයෙන් ගොඩනැගීමේ කාර්යභාරය මහබැංකුව වෙත පැවරී ඇති බවත් එය ඉටුකරනු වෙනුවට මහ බැංකුව තම යෝජනාවලටද අවහිර කර ඇති බව ජනාධිපතිවරයා එහි දී පවසා තිබේ.

ජනතාව තමාට අතිවිශාල ජනවරමක් දී ඇත්තේ රට වෙනුවෙන් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එය ඉටුකිරීමට බැඳී සිටින බව අවධාරණය කළේය.

සෞඛ්‍ය, ආරක්ෂක සහ බුද්ධි අංශ එක්ව කොවිඩ් වසංගතයෙන් රට බේරා ගැනීමට විශාල කැපකිරීමක් කළ බවත් රට ආර්ථිකමය වශයෙන් ගොඩනැගීමේ කාර්යභාරය මහබැංකුව වෙත පැවරී ඇති බවත් එය ඉටුකරනු වෙනුවට මහ බැංකුව තම යෝජනාවලටද අවහිර කර ඇති බව ජනාධිපතිවරයා එහි දී පවසා තිබේ.

ගැටළුව අවබෝධකරගෙන ඉතා ඉක්මණින් මහ බැංකුවේ යෝජනා හෝ තම යෝජනාවට අනුමැතිය හෝ දෙන්නැයි ජනාධිපතිතුමා මහ බැංකු නිලධාරීන්ට දැනුම් දුන්නේය.

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල, මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්‍ෂ්මන් යන මහත්වරුන් සහ මහ බැංකුවේ නිලධාරීන් පිරිසක් මේ සාකච්ජාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *