ඉටුකම අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1386දක්වා ඉහළට

(කොළඹ, ලංකාපුවත්) –ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1386 දක්වා ඉහළගොස් තිබේ.

සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ කාර්ය මණ්ඩලය රුපියල් 2,000,000ක්, ඩබ්.එම්. ඉෂිනි ටෙක්ලා වර්ණසූරිය දියණිය රුපියල් 6,300ක්, එච්.ආර්. ආරියවංශ මහතා රුපියල් 500ක්, අනුරාධපුර මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති එම්.ඩබ්. ප්‍රේමදාස මහතා ඔහුගේ මාස තුනක දීමනාව වන රුපියල් 88,825ක්, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කාර්ය මණ්ඩලයරුපියල් 2,500,000ක් සහ Sri Lanka Association of Inbound Tour Operators ආයතනයේ සාමාජිකයන්රුපියල් 1,000,000 ක් වශයෙන් අරමුදලට කළ පරිත්‍යාග අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාරදෙනු ලැබීය.

පානදුර ශ්‍රී සුමංගල බාලිකා මහා විද්‍යාලීය ආදී ගුරුවරුන් රුපියල් 325,000ක්, Ocean Lanka (Private) Limited ආයතනය රුපියල් 1,000,000ක්, ඩී.පී.ජේ. රේණුකා මිය රුපියල් 2,121ක් U P Building Construction ආයතනය රුපියල් 400,000ක්, එස්.ඒ. ධර්මසේන මහතා රුපියල් 100,000ක්, මහන්ග සමරසිංහ මහතා රුපියල් 200,000ක් සහ රාජගිරිය නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය අවසන් කළ ජපානයේ සිට පැමිණි පිරිස රුපියල් 47,500ක් අරමුදලට පරිත්‍යාග කර තිබේ.

දැන් ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් 1,386,634,166.06 කි.

දෙස් විදෙස් පරිත්‍යාගශීලීහූ ගිණුමට දායක වී සිටිති. චෙක් පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මෙන්ම www. itukama.lk වෙබ් අඩවිය ඔස්සේ හෝ #207#අමතා අරමුදලට දායකවිය හැකිය.දුරකථන අංක 0760700700/ 0112320880/ 0112354340/ 0112424012 ඇමතීමෙන් වැඩි විස්තර දැනගැනීමට පිළිවන.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *