ව්‍යාජ පුවතක් පිළිබඳව කම්කරු කොමසාරිස්ගෙන් ජනතාවට දැනුම් දීමක්

(කොළඹ, ලංකාපුවත්) –මේ දිනවල හුවමාරු වන ව්‍යාජ පුවතක් පිළිබඳව කම්කරු කොමසාරිස් ජනරාල් ඒ. විමලවීර මහතා විසින් දැනුම් දීමක් සිදුකර ඇත.

ඩොලර් 20,000 ක ප්‍රතිලාභයක් කම්කරු දෙපාර්තමේන්තුවෙන් කම්කරුවන්ට හිමිවන බවට සමාජ මාධ්‍යවල ව්‍යාජ දැන්වීමක් සංසරණය වන බවත් , එම ව්‍යාජ දැන්වීම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම සඳහා අදාළ අංශ වෙත දැනුම් දී ඇති බවත් විමලවීර මහතා පැවසීය.

1990 ත්, 2020 ත් දක්වා වූ කාලය තුළ සේවය කළ කම්කරුවන් වෙත ඩොලර් 20,000 ක ප්‍රතිලාභයක් කම්කරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම මගින් ලබාගැනීමට හැකියාව ඇති බවට එම ව්‍යාජ වෙබ් අඩවියේ දැන්වීමක් පළ කර ඇත.

කම්කරු කොමසාරිස් ජනරාල් ඒ. විමලවීර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ ඒ සඳහා සුදුසුකම් පරීක්ෂාකර බැලීමේ ප්‍රශ්නාවලියක්ද එහි දක්වා ඇති අතර, එම දැන්වීමට හසු නොවන ලෙසටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *