හිටපු ජනපති – අගමැතිගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියෝග

(කොළඹ, ලංකාපුවත්) – බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබේ.

මිට අමතරව හිටපු අගමැතිවරයාගේ උපදේශකවරයෙක් ලෙස කටයුතු කළ S. පාස්කරලිංගම් සහ මහජන බැංකුවේ සාමාන්‍යාධිකාරි වසන්ත කුමාර යන අයගෙන්ද ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙසයි නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *