විදෙස්ගත ශ්‍රමිකයන් ජූලි අවසානයට පෙර ගෙන්වා ගැනීම රජයේ අරමුණයි

(කොළඹ, ලංකාපුවත්) – විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සියලු දෙනා ජූලි මාසය අවසන් වීමට පෙර ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට රජය අපේක්ෂා කරන බව කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පැවැසීය. විදෙස්ගත ශ්‍රමිකයන් 12,000කට ආසන්න පිරිසක් ඊයේ (21) වන විට දිවයිනට පැමිණ තිබේ.

පසුගිය සෙනසුරාදා (20) පමණක් විදෙස්ගත ශ්‍රමිකයන් 410 දෙනකු ගුවන්යානා 5කින් කටුනායක ගුවන්තොටුපළෙන් දිවයිනට පැමිණ තිබේ. මේ වන විට රටවල් 21කින් විදෙස්ගත ශ්‍රමිකයන් දිවයිනට ගෙන්වාගෙන ඇති අතර, ඔවුන් සියලුදෙනා නිරෝධායනයට යොමුකර ඇත.

ගුවන්තොටුපොළ තුළ පී.සී.ආර් පරීක්ෂණ ආරම්භ කිරීමෙන් අනතුරුව එලෙස පී.සී.ආර් පරීක්ෂණවලට ලක් වූ ගුවන් මගීන් පිරිස 2000කට අධිකය. ඊයේ දිනය තුළ මාලදිවයිනේ සිට ශ්‍රී ලාංකිකයන් 255ක් හා ඕස්ට්‍රේලියාවේ සිට ශ්‍රී ලාංකිකයන් 50 දෙනකු ද දිවයිනට පැමිණි තිබෙන බව ද රණතුංග මහතා පැවැසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *