හිටපු ඇමති මහින්දානන්දගෙන් පිටු 06ක පැමිණිල්ලක්

(කොළඹ, ලංකාපුවත්) – 2011 ලෝක කුසලානය සම්බන්ධයෙන් සිදුවුවේ යැයි කියන තරග පවා දීම සම්බන්ධයෙන් තමන් කළ ප්‍රකාශයට අදාළ පිටු හයකින් සමන්විත පැමිණිල්ලක් අද (24) දින පොලිස් විශේෂ විමර්ශන ඒකකයට බාර දුන් බව හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දනන්ද අලුත්ගමගේ මහතා පවසයි.

අද උදෑසන 6.30ට පමණ හිටපු ක්‍රීඩා ඇමති අලුත්ගමගේ මහතා 2011 වසරේ ලෝක කුසලාන තරගාවලිය පාවාදීම සම්බන්ධයෙන් සිදු කරන ලද ප්‍රකාශය පිළිබඳව එතුමාගේ නාවලපිටියේ පිහිටි කාර්යාලයේ දී ක්‍රිඩා සම්බන්ධ වැරදි විමර්ශන විශේෂ ඒකකයේ නිලධාරීන් විසින් ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.

එම ප්‍රකාශ අනුව වැඩිදුර විමර්ශන ක්‍රීඩා සම්බන්ධ වැරදි විමර්ශන විශේෂ ඒකකය විසින් සිදුකරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *