Alethea පාසල් සමූහය,කොවිඩ් 19වසංගත තත්ත්වය හමුවේ අධ්‍යාපනය ලබා දීම සඳහා නව තාක්ෂණික ක්‍රම භාවිත කරයි

(කොළඹ, ලංකාපුවත්) – කොවිඩ් 19 වසංගතය හේතුවෙන් රජය විසින් නිරෝධායන නීති පැනවීමත් සමග මතුවූ අභියෝගාත්මක තත්ත්වයහමුවේ විෂය නිර්දේශ මත පදනම්ව අධ්‍යාපනය ලබා දෙන ශ්‍රී ලංකාවේ බොහෝ රජයේ සහ පෞද්ගලික පාසල්වල අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වගෙනයාමේගැටලුකාරී තත්ත්වයන් පැන නැගිණි.

එකී අභියෝග මධ්‍යයේ වුවද, Alethea School සහ Alethea International school, ඉගැන්වීම් හා ඉගෙනුම් ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාමට ඒ වන විටත් සූදානම්ව සිටිඅතර, පාසල් කළමණාකාරිත්වය විසින්2019 වසරේ සිට,තාක්‍ෂණය මත පදනම් වූ නව යුගයේ අධ්‍යාපන රාමුවක්ද ක්‍රියාත්මක කර ඇත.

තාක්ෂණය පදනම් කර ගත් නව යුගයට ගැළපෙන අධ්‍යාපනයක් කරා යොමු වීමට පාසලේ ඇති කැපවීම හා අනාගතයට වඩාත් ගැලපෙන අධ්‍යාපන ක්‍රමවේද පිළිබඳ කල්තියා දැකීමේ කළමණාකාරීත්වය සතු හැකියාව පිළිබඳව අධ්‍යයන මණ්ඩල සාකච්ඡා වාර කිහිපයකදීම කතා බහට ලක් විණි. ‘පන්ති කාමරය නැවත අර්ථ දැක්වීම’ මැයෙන් Chokolaate සඟරාව සංවිධානය කර තිබූ සාකච්ඡාවෙහි, සම්පත්දායිකාවක වූයේ, Alethea International school හි කළමණාකාර අධ්‍යක්ෂිකා/සම්බන්ධීකරණ විදුහල්පති ඇනිට්‍රා පෙරේරා මහත්මියයි. “කොවිඩ් වසංගතයෙන් පසු අපගේ දරුවන් ඉගෙන ගන්නා ආකාරයේ වෙනසක් වේද?” මැයෙන් Igniter Space හා README සත්කාරකත්වයෙන් පවත්වන ලද සාකච්ඡාවෙහි සම්පත් දායිකාවයක වූයේ,Alethea International school හි විදුහල්පතිනි, බුද්ධිකා පතිරාජ මහත්මියයි. ඇනිට්‍රා පෙරේරා මහත්මියගේ අනාගත දැක්ම, Cosmopolitan Sri Lanka සඟරාව මගින් සම්මාන හිමි වීම සඳහාද බලපෑ ඇය සතු ප්‍රධාන කාරණාවලින් එකක් විය. ඇගේ පරමාර්ථය වනුයේ,තාක්ෂණය සමතුලිතව පවත්වා ගැනීමට යත්න දරන අතරෙහි, අධ්‍යාපනික ක්‍රීඩාව වෙනස් කිරීමයි. (https://cosmomag.lk/35under35/anitra-perera/)

“අධ්‍යාපනය හා ඉගෙනීම කොතරම් කටුක තත්ත්වයන් යටතේ වුවත්, අතහැර නොදැමිය යුතු අරමුණක් ලෙසින් පාසල් කළමණාකාරිත්වය හොඳින් වටහා ගෙන සිටිනවා. නව යුගයේ අධ්‍යාපන පෙරටුගාමීන් ලෙස, වසංගත තත්ත්වය දිගින් දිගටම පවතිද්දී, Alethea කළමාණාකාරිත්වය මගින් විවිධාකාර ප්‍රධාන පෙළේ විසඳුම් ගනු ලැබුවා. ඒ අනුව පාසල මගින් හොඳින් සැලසුම් කළ ගෘහස්ථ අධ්‍යාපන වැඩසටහන ඔස්සේ, සිසුන්ට මෙම කාලසීමාව තුළ නිරෝධායන ක්‍රමවේද පිළිපදිමින් නිවෙස්වල ආරක්ෂාකාරීව රැඳී සිටින අතරතුර, ඉතාමත් නම්‍යශීලී අධ්‍යාපනයක් ලබා දෙන බව සහතික වශයෙන් කිව හැකියි.” කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ අධ්‍යාපන අභියෝගවලයට මුහුණ දීම සඳහා වන පාසල් යාන්ත්‍රණය පිළිබඳ සඳහන් කරමින් Alethea පාසල් සමූහයේ කළමණාකාර අධ්‍යක්ෂිකා/ සම්බන්ධීකරණ විදුහල්පතිනිය ඇනිට්‍රා පෙරේරා සඳහන් කළාය.

රජය විසින් පාසල් වසා දමන ලෙස දැනුම් දීමත් සමග, ගුරු මණ්ඩලයටපූර්ව සැලසුම් සකස් කිරීමට හා සමස්තසිසුන් පිරිසම අධ්‍යාපනයෙහි නිරත කරලීමට මෙන්ම,2020 මැයි/ජූනි කේම්බ්‍රිජ් හා පියර්සන් එඩෙක්සෙල් ආදී වැදගත් අධ්‍යාපනික ඉලක්ක ළඟා කර ගැනිමේ අරමුණින් සිටිනා සිසුන්ට එම අරමුණු ජය ගැනීමට හැකි වන පරිදිවිධිමත් අධ්‍යාපන යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමටAletheaපාසල් කළමණාකාරීත්වය විසින් පියවර ගනු ලැබිණි. රට තුළ ඇඳිරි නීතිය ඉතා දැඩිව ක්‍රියාත්මක වනවිටවිභාග අභිමුව සිටින සෑම සිසුවකුටම ඔවුන්ගේ විෂය භාර ගුරුවරු මාර්ගයෙන් අධ්‍යයන කට්ටලඊ මේල් කර යවනු ලැබිණි. එහිදී සිසුන් විසින් සම්පූර්ණ කරන ලද එම ආදර්ශ ප්‍රශ්න පත්‍ර ගුරුවරුන්ගේ නිවැරදි කිරීම් හා උපදෙස් සහිතව ඔවුන් වෙත ආපසු යැවේ. එමෙන්ම, බොහෝ ගුරුවරුන් Zoom ඔස්සේ, වීඩියෝ මාර්ගයෙන් සිසුන් හා සම්බන්ධව ඉගැන්වීම් කටයුතු කරනලදි.

ගෘහස්ත අධ්‍යාපන වැඩසටහනෙහි ආරම්භක අදියර වශයෙන් මාර්තු 13 වැනිදා සිට අප්‍රෙල් 8 වැනිදා දක්වා වැඩ පත්‍රිකා පදනම් කර ගත් ක්‍රමවේදයක් හඳුන්වා දෙනු ලැබුවත්, අවාසනාවකට මෙන්, කොවිඩ්-19 තත්ත්වය ක්‍රමයෙන් නරක අතට හැරීමත් සමග එමවැඩ පත්‍රිකා සලකුණු කිරීම සඳහා යළි පාසලට භාරදීමට සිසුන්ට හැකියාවක් නොවිණි. ඉකුත් අප්‍රේල් 20 වන දින රජයවිසින් නිකුත් කරන ලද මුල් දැනුම්දීමට අනුවපාසල් නැවත විවෘත නොකිරීම නිසා Alethea කළමණාකාරීත්වය විසින් එම වැඩසටහනේ දෙවැනි අදියර හඳුන්වා දෙන ලදී. අදාළ පින්තූර, වීඩියෝ හා අමතර කියවීමට ලිපි ලේඛන සඳහා වෙබ් ලින්ක්, නිදර්ශන හා විස්තරාත්මක සටහන් ඇතුළත්ව එම පාඩම් වඩාත් විස්තරාත්මක වූ අතර, ගුරුවරයාගේ සීමිත අධීක්ෂණයට යටත්ව හෝ එසේ නොමැතිව සිසුන්ට ස්වයං-අධ්‍යයනය සඳහා මෙම ක්‍රමය ඉවහල් වේ.

“පාසලේ ගුරුවරුන් විසින් ඩිජිටල් පාසල් සංකල්පයට අනුව සකස් කළ, අධ්‍යයන කට්ටලවලට සමගාමීව, සමස්ත ඉගැන්වීමේ හා ඉගෙනීමේ ක්‍රමවේදයම අන්තර්ජාල ක්‍රමයට මාරු වුණා. මැයි මස මුල වන විට, අපගේ ඉගැන්වීමේ මාධ්‍යය ලෙසින් Microsoft Office 365 භාවිත කළ අතර, එමගින් සිසුන්ට දුරස්ථ පන්තිකාමර අත්දැකීම ලබා ගනිමින්අධ්‍යාපනයෙහි නිරත වීමට හැකියාව ලැබුණා. සෑම සිසුවෙකුටම සහ ගුරුවරයෙකුටම නොමිලේ Microsoft Office 365 ගිණුමක් පාසල විසින් ලබා දුන්නා. ඒ සඳහා අපගේ කාර්ය මණ්ඩලය පුහුණු කළH-One Technologies සමග අප අත්වැල් බැඳ ගෙන සිටින අතර ඉදිරි මාස කිහිපය පුරාම පුහුණුවීම් කරගෙන යාමටත් බලාපොරොත්තු වෙනවා. සිසුන්ට පාඩම්වලට අමතරව, පැහැදිලි කර ගැනීම් සඳහා ගුරුවරුන් හා නිරන්තරයෙන් සම්බන්ධ වීමට හැකියි. MS Teams මගින් දුරස්ථ අධ්‍යයන කණ්ඩායම් හඳුන්වා දීමත් සමග විෂය නිර්දේශ සම්පූර්ණ කිරීමට අපගේ කාර්ය මණ්ඩලයට හැකි වුණා.” අනිත්‍රාපෙරේරා වැඩිදුරටත් සඳහන් කළාය.

අන්තර්ජාල ඉගෙනීම පවත්වා ගෙන යාම පිණිස, කාර්ය මණ්ඩලයට හා සිසුන්ට විශේෂ වට්ටම් යටතේ උපකරණ සහ දත්ත සේවාවන් ලබා ගැනීමට පාසල මගින් කටයුතු කෙරිණි. එනිසා, විශේෂ වට්ටම් යටතේ සහ වාරික පදනමින් වයස් කාණ්ඩයන්ට ගැලපෙන පරිදි ලැප්ටොප් සහ ටැබ් මිලදී ගැනීම සඳහා පාසල සොෆ්ට්ලොජික් සමගින් සම්බන්ධ විණි. ලැප්ටොප් නොමැති පාසල් කාර්ය මණ්ඩලයවෙත පාසල් බලධාරීන් විසින් ලැප්ටොප් ලබා දෙන ලදී. එමෙන්ම, ඩයලොග් වෙතින්විශේෂ ගාස්තු රවුටර සමගින්කණ්ඩායම් පැකේජය සක්‍රිය කිරීමට සිසුන්ට සහ දෙමාපියන්ට උපකාර කිරීමසඳහා මෙන්ම, ඇඳිරි නීතිය අතරතුර එම උපාංග ඔවුන්ගේ නිවසටම ගෙනවිත් දීම සඳහා කැපවූනියෝජිතයකුද ලබා ගැනීමට කටයුතු කර තිබිණි.

මේ වන විට සිසුන්ට, දෙමාපියන්ට සහ ගුරුවරුන්ට විනිවිද පෙනෙන චර්යාධර්ම පද්ධතියක් සහිතව,Skills Centre සහ Learning Resource Centre ද ඇතුළත්ව, පාසලේ පූර්ව-ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලුම ශ්‍රේණිවල ඉගැන්වීම් දුරස්ථව සිදු කෙරේ. ඉගැන්වීමේ ක්‍රියාවලියෙහි ප්‍රධාන පාර්ශවය ගුරුවරුන් වන බැවින්, සියලුම ගුරුවරුන්ට නිරන්තර පුහුණුව පාසල විසින් ලබා දීමටත් කටයුතු කෙරේ.

2020/2021සඳහා ආරම්භක අධ්‍යයන වාරය සඳහා තාක්‍ෂණික වශයෙන් වඩාත් දියුණු ඉගැන්වීම් ක්‍රමවේදයන් සැලසුම් කිරීමට පාසල පියවර ගෙන ඇති අතර, එහිදී අන්තරජාල හා අන්තර්ජාල නොවන දෙමුහුන් ක්‍රමවේදයක් මගින් අධ්‍යාපනය ලබා දීමට අපේක්ෂා කෙරේ. නව පාසල් වාරය සඳහා අයදුම්පත් දැනටමත් සැකසෙමින් පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *