මුදල් මණ්ඩලයේ නව සාමාජිකයින්ට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය

(කොළඹ, ලංකාපුවත්) – ශි‍්‍ර ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නව සාමාජිකයන් ලෙස ආචාර්ය රාණි ජයමහ සහ සමන්ත කුමාරසිංහ පත්කිරිමට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමිවෙයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා යෝජනා කළ නම් දෙක පිලිබද සාකච්ජා කිරිමට ව්‍යවස්ථා දායක සභාව රැස්වුණේ ඊයේ (24) පස්වරුවේදීය. ඒ අනුව ඔවුන් දෙදෙනාට අනුමැතිය හිමිව තිබේ.

මේ අතර නව්‍ය කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්වූ ව්‍යාපාර 13861 සදහා මහ බැංකුව රුපියල් බිලියන 28 ක මුදලක් අනුමත කර තිබේ. ඒ සියයට හතරක පොළී අනුපාත යටතේය.

සෞභාග්‍යා ණය යෝජනා ක‍්‍රමය යටතේ එය කි‍්‍රයාත්මක වේ. මාස හයක සහණ කාලයකට යටත්ව මාස විසි හතරකින් ආපසු ගෙවා නිම කළ හැකි බව මහ බැංකුව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *